ඕනම දෙයක් අලුතෙන් experience කරණකොට එහෙමයි. ඒ ගැන කතා කරන්න ආස හිතෙනව. Experience එක share කරන්න ආස හිතෙනව. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ හැටි.
උඹට තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ achievement එකක් එහෙම නැත්තං අළුත් ලැබෙන දෙයක් දිහා සුබවාදී විදිහට බලන් ඉන්න බැරි අවුලක්.
ඒක share කරන විදිහ ඒ ලැබුන achieve කරගත්‍ත එහෙම නැත්තන් පළවෙනි වතාවට experience කරපු දේ ගැන කියන විදිහ සමහරවිට too much over ගිය එකක් වෙන්නත් පුළුවන්. ඒත් ඒක මෝඩ දෙයක් විදිහට දකින්න ඕන නෑ. ඒක තමා ඒ මනුස්සයගෙ ආසාවත් එක්ක තියන excitement එක. ඕක ටික කාලෙකින් හරියනව. මුලින් ගත්ත ගමන් ඔහොමයි එහෙම නැතුව හැමදාම උදේ නැගිට්ට ගමන් මෙන්න මගෙ speed එක මෙන්න මම download කරපු ගාණ කිය කිය දවස් 365ම දාන්නෙ නෑ.
කලින් කිවුව වගේ ඕනම දේක අළුත් දෙයක් පළවෙනි පාරට achieve කරනකොට experience කරණකොට එහෙමයි.
Examples ඕන තරම් තියනව.
Byd ආපු මුල් කාලෙ ගත්ත මිනිස්සු කොච්චර නං videos තමන්ගෙ experience share කලාද fb yyoutube වල. charge එකකින් යන්න පුළුවන් දුර full charge වෙන්න කොච්චර වෙලා යනවද fb එකේ ලියල තිබ්බ හෑලි. අලුත් byd එක ගෙදරට ගේන daily vlogs වගේ දේවල් කොච්චර තිබ්බද. ඉතින් මුල් කාලේ එහෙම උනාට දැන් byd එකක් දැක්කට ගානක්වත් නැනේ.
ලගම එක metro එක. metro පටන් ගත්ත මුල් ටිකේ කොච්චර නම් fb හැලි දැක්කද. දැන් එහෙම වගේ වගක් නැනේ. honestly මමත් මුලින්ම metro එකක නැග්ගම මටත් excitement එකක් තිබ්බ. මොකද මුල්ම පාර experience කරපු.
ඕකෙන් ගන්න පුළුවන් positive දේවල් තමා දැන් ඔය byd වල දාපු range videos charging videos, vehicle එක ගත්ත ගමන් කරපු vehicle reviews වලින් අපි කොච්චර වාහනේ ගැන ඉගෙනගත්තද. එකේ තියන සමහර features දැනගත්තෙත් ඒ සමහර හැලි ලියපු අයගේ experience වලින් තමා. metro එකෙත් එහෙමයි ඔය හෑලි ලියල දාපු videos දාපු අයගේ experience වලින් අපු metro එකක යන්නත් කලින් කොච්චර දේවල් ඉගෙනගත්තද එකෙන් අපිට වැඩේ තව ලේසි උනාද.
දැන් ඔය startlink එක use කරන උන් දාන speed test එතකොට router එක ගැන share කරන experience නිසා අපිට එක ගැන දැනුම කොච්චර එනවද. මෙහෙ starlink අඩු ගානේ හොදට වැඩ කරනවා කියල දැනගන්නෙත් උන් එහෙම දාන හෑලි නිසා තමා. එතකොට ගන්න එකෙක්ට බය නැතුව ගන්න පුළුවන්.
ඕනෑම දෙයක ඒ වගේ තමා ඒවගේ දේවල් වලින් ගන්න පුළුවන් හොද positive දේවල් ගන්නවා ඇරෙන්න නිකන් කුහක ඉරිසියාකාර mind එකෙන් cringe කරනවා කියන්නේ එක තමන්ගේ class එක කියල තමා මම හිතන්නේ.
මනුස්සයෙක් තමන්ට වඩා වැඩියෙන් මොනවහරි දෙයක් හම්බෙනවා නම් achieve කරගෙන තියනවා නම් ඒ ගැන සතුටු වෙනවා ඇරෙන්න, උගේ ලොකු සීන් ද show off ද කියල හොයන එක තේරුමක් නැහැ.