දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
https://sinhala.adaderana.lk/news/254170 · අද දෙරණ
දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (04) පස්වරු 4:00 සිට හෙට (05) පස්වරු 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.
මට්ටම 2 - අවධානම්: මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ගොඩකවෙල.
මට්ටම 1 - විමසිලිමත් වන්න: බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක්.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.