ගෙදරක හොරකමක් වුනොත් පොලිසියෙන් කරන්නෙ ඒ පළාතේ ඉන්න කලින් අල්ලපු හොරු ආයෙත් අල්ලන එක. සාක්ෂි නැති නිසා එකෙක්ව උසාවියට දානවා මූ තමයි කියල. කාලෙකට පස්සෙ නඩුව අහල උන් නිදහස්වෙනවා.
මගේ ගෙදරට පැනපු ගමේ හොරෙක්ව මම අඳුන ගත්ත. ඌට මොකුත් ගන්න වුනේ නෑ, පැනල ගියා. පස්සෙ පොලිසියෙන් මට කිව්වෙ ගෙදර තිබුන රත්තරං බඩු නැතිවුනා කියන්න කියල. තව ඒ පලාතේ අල්ලන්න බැරිවුන හොරකම් 10ක් විතර මූට දාල හිරේ යවමු කියල OIC මට කිව්ව. මම ඒ වැඩේ කරන්න ගියේ නෑ.
මට කියන්න ඕනවුනේ පොලිසියෙන් අල්ලන එකා වැරදිකාරයා නොවෙන්න පුළුවන් කියන එක