ඓතිහාසික කොළඹ කොටුව
කොළඹ කොටුව මුලින් ඉදිකරන ලද්දේ 16 වන සියවසේදී පෘතුගීසීන් විසින් බලකොටු නගරයක් ලෙසය. කොළඹ කොටුව පවුරුවලින් වට වූ නගරයක් වූ අතර පරිපාලන හා හමුදා ගොඩනැගිලි මෙන්ම කුරුඳු ගබඩා, මෝල්, පෙළපාළි භූමියක්, පල්ලියක්, නේවාසික ගොඩනැගිලි සහ අශ්වයන් සහ අලි ඇතුන් සඳහා කුටි ද එහි තිබුණි
බෙන්තොට පෘතුගීසි බලකොටුව
(පරංගි කොටුව) යනු 17 වන සියවසේදී පෘතුගීසීන් විසින් දකුණු බල ප්‍රදේශයේ මායිමක් ලෙස බෙන්තොට ගඟ මුඛයේ ඉදි කරන ලද ඓතිහාසික බලකොටුවකි
යාපනයේ කන්කසන්තුරේ පෘතුගීසි බලකොටුව
ක්‍රි.ව. 1505-1658 කාලය තුළ පෘතුගීසීන් විසින් උතුරු වෙරළ තීරයේ උපායමාර්ගික ආරක්ෂාව සඳහා ඉදිකරන ලද කුඩා බලකොටුවකි

කැප්පෙටිපොළ පැරණි විල්සන් බළකොටුව
වෙල්ලස්ස කැරැල්ලේදී ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් විසින් මේජර් ඩග්ලස් විල්සන් සැලකිය යුතු අශ්වාරෝහක හමුදාවක් සමඟ පිටත් කර යවන ලදී. කැප්පෙටිපොළ පිහිටි මෙම බලකොටුව ඉදිකර ඇත්තේ මේජර් විල්සන්ගේ මෙම අශ්වාරෝහක හමුදාවට පහසුකම් සැලසීම සඳහා ය.
(1268) සීතාවක රාජධානි සමයට අයත් සීතාවක බලකොටුව
ක්‍රි.ව. 1521 විජයබා කොල්ලයෙන් පසු මායාදුන්නේ රජු විසින් සීතාවක රාජධානිය පිහිටුවන ලදී. පසුව ඔහුගේ පුත් පළමුවන රාජසිංහ රජු (1581-1593) සමයේදී පෘතුගීසීන්ට සහ උඩරට රාජධානියට එරෙහි යුද කටයුතු සඳහා මෙම බලකොටුව ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා විය
මාතර තාරකා කොටුව
වර්ෂ 1640 වන විට ලන්දේසීන් මාතර ප්‍රධාන බල කොටුව ඉදි කර තිබූ නමුත් එය රට තුලින් පැමිණෙන ප්‍රහාර වලින් අවදානමකට ලක්විය හැකි බව සොයා ගන්නා ලදී. වර්ෂ 1762 දී මහනුවර රාජධානියේ පිටු බලය රැගත් සිංහල හමුදා කොටුවට පහර දී එහි බලය අත්පත් කර ගත්හ.
මාතලේ මැක්ඩොවෙල් බලකොටුව
1848 කැරැල්ල: වර්ෂ 1848 මාතලේ කැරලි සමයේදී (සිංහල කැරලිකරුවන්ගේ සහ බ්‍රිතාන්‍යයන්ගේ ගැටුම්වලදී) මෙම ස්ථානය භාවිත විය.
කටුවන ඕලන්ද කොටුව
1761 පෙබරවාරි 6-8 දිනවල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සහ සිංහල හමුදාව විසින් මෙම කොටුවලට ප්‍රහාර එල්ල කර 1761 පෙබරවාරි 8 වන දින අත්පත් කර ගන්නා ලදී
තවත් බලකොටු රාශියක් ඇත අදට ඇති