ශ්‍රීලංකාව 98ට දැවෙයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ශ්‍රීලංකාව 98ට දැවෙයි
    https://www.divaina.lk/breaking-news/115414 · දිවයින

    sri-lanka-98-.jpg


    පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රීලංකා පිළ පන්දුවාර 35.3කදී සියළුදෙනා රැස්කර ගනු ලැබුවේ ලකුණු 98ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක කුසල් මෙන්ඩිස්ය. ඔහු ලකුණු 32ක් රැස් කර ගනු ලැබීය

    🔴 සජීවී යාවත්කාලීනය — 18:05 (ශ්‍රී ලංකා වේලාව)
    පළමු දිනය අවසන් — පාකිස්තානය ලකුණු 23කින් ඉදිරියෙන්

    ශ්‍රී ලංකාව — 98 (ඕවර 35.3)
    පාකිස්තාන වේග පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් එක පෙළට දැවී ගියා — ලකුණු 36ට කඩුලු 4ක් වැටුණා. නායක කුසල් මෙන්ඩිස් 32ක් — ඉනිමේ වැඩිම ලකුණු. අබ්බාස් සහ රසාඋල්ලා මුල් කඩුලු ගත්තා, ජමාල් කඩුලු 3ක් ගත්තා.
    පාකිස්තානය — 121/3 (ඕවර 37.2)
    🏏 අසාන් අවයිස් 47* (96) • සකීබ් ඛාන් 2* (8)
    තයබ් අරිෆ් 46, මොහොමඩ් තාහා 8, බාබර් අසාම් 8 දැවී ගියා.
    පාකිස්තානය ලකුණු 23කින් ඉදිරියෙන් — ආලෝකය මදි නිසා පළමු දිනය නතර වුණා.
    අසිත ප්‍රනාන්දු 9-2-36-1 • ලහිරු කුමාර 9.2-2-27-1 • ප්‍රබාත් ජයසූරිය 11-2-36-1 • මිලාන් රත්නායක 8-4-12-0
    හෙට දෙවන දිනයේ තත්ත්වය මෙතනින්ම යාවත්කාලීන කරනවා. 🏏
    ------ Post added on Nov 17, 2026 at 6:05 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    ආහ්... ක්‍රිකට් ගැනනේ මෙතන කතා කරලා තියෙනෙන්. ටයිටල් එක දැක්ක ගමන් මම හිතුවා මේ ගංවතුර කාලේ 98 °F වලට ශ්‍රී ලංකාව දැවෙන්නේ කොහොමද කියල
     
    • Love
    Reactions: Anyhacker