සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,463
    11,177
    113
    එහෙම කොරොත් ඉතින් , අරණ්‍ය වාසි හාමුදුරුවෝ කිහිප නමක් විතරයි සාසනේ ඉතිරි වෙන්නේ

    පරාජිකා වෙලා video තියෙද්දී උන් වත් එලවගන්න බැරිව අනිත් අය ගැන මොන කතා ද ?

    ඔච්චරම ඕන නම් විනය පිටකය ආණ්ඩුක්‍රම විවස්තාවට ඇතුලත් කරන්න කියන්නකෝ , එතකොට විනය කඩකරන අය උසාවියෙන් හරි උපැවිදි කරන්න පුළුවන් නේ
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,157
    919
    113
    සංගායනාවකට අංග 2 ක් තියෙනවා. නිවැරිදි දහම මතු කිරීම පළමුවට වෙනවා. දෙවනුව, මතු කල දහමට නොගැළපෙන භික්ෂුන් නෙරපනවා.

    සංගායනාවේ පලමු අංගය සිදු වුනා 2009 යුද්දය අවසන් වීමත් සමග. සංගායනාව හදුනා ගෙන නිවන් මග ගමන් කරන පිරිසක් දැන් ඉන්නවා.

    මුන් වහන්සේ මම හිතන්නේ දිඹුලාගල රජ මහ විහාරයේ නායක හිමි නම. ලංකාවේ ඉපදුන බෞද්ධ හිමිනමක් වෙලා, දිඹුලාගල ජිවත් වෙමින් 2009 සිදිවුන දේ හඳුනා ගන්න බැරීවීම කනගාටුදායකයි.

    බුදු දහමට නොගැළපෙන භික්ෂුන් නෙරපන එක කරන්නේ රජය විසින්. රජය පළමුව හදුනා ගන්නේ ඕනේ නිවැරිදි ද‍හම මොකක්ද කියලා. ඉන්පසු ඒ ධහම නොපිළිපදින්නේ නම් ඔවුන්ව සාසනෙන් නෙරපන්න ඕනේ.

    නමුත් රජය එවැනි දෙයක් කලොත්, දිඹුලාගල රජ මහ විහාරයේ නායක හිමි නමටත් සිවුර ගලවලා ගෙදර යන්න වෙනවා. මහා නායකලාට සිවුරු ගලවන්න වෙනවා.
     
    Last edited: