යාළුවෝ දෙන්නා bike දෙකක එකම ගමනක් යද්දී තැන් දෙකකදී මැරිලා

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,860
    9,242
    113
    කුරුණෑගල සිට මාතලේ බලා යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඊයේ (16) රාත්‍රියේ වාර්තා වුණා.

    ගමන අතරතුර මාතලේ, යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය අසල පිහිටි බුදු මැදුරක ගැටීමෙන් පළමු මිතුරා(28) බරපතල තුවාල ලබා ඇති අතර, පිටුපසින් පැමිණි අනෙක් මිතුරා(24) වහාම ඔහුව ත්‍රීරෝද රථයකින් රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.

    අනතුරුව ඔහුද(24) සිය යතුරුපැදියෙන් එම ත්‍රීරෝද රථය පසුපස හඹා යමින් සිටියදී යටවත්ත, ඇහැටුවැව ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක සහ විදුලි කණුවක ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

    බුදු මැදුරේ ගැටී බරපතල තුවාල ලැබූ පළමු තරුණයාද රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පෞද්ගලික අංශයේ සේවය කළ 28 හැවිරිදි තරුණයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරියෙකු ලෙස සේවය කළ 24 හැවිරිදි තරුණයෙකි.


    " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "

    fb link
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,860
    9,242
    113
    image.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දෙන්නම එකම ගමනේ ගිහින් දෙන්නම නැතිවුණ එක හිතට හරිම අමාරුයි. නිවන්සුව ලැබේවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,514
    12,639
    113
    Ohio, USA
    කුරුණෑගල සිට මාතලේ බලා යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඊයේ (16) රාත්‍රියේ වාර්තා වුණා.

    ගමන අතරතුර මාතලේ, යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය අසල පිහිටි බුදු මැදුරක ගැටීමෙන් පළමු මිතුරා(28) බරපතල තුවාල ලබා ඇති අතර, පිටුපසින් පැමිණි අනෙක් මිතුරා(24) වහාම ඔහුව ත්‍රීරෝද රථයකින් රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.

    අනතුරුව ඔහුද(24) සිය යතුරුපැදියෙන් එම ත්‍රීරෝද රථය පසුපස හඹා යමින් සිටියදී යටවත්ත, ඇහැටුවැව ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක සහ විදුලි කණුවක ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

    බුදු මැදුරේ ගැටී බරපතල තුවාල ලැබූ පළමු තරුණයාද රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පෞද්ගලික අංශයේ සේවය කළ 28 හැවිරිදි තරුණයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරියෙකු ලෙස සේවය කළ 24 හැවිරිදි තරුණයෙකි.


    " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "

    fb link
    :(
     
    • Haha
    Reactions: Nidarshana_k