ජීවිතයක් බේරාගත් වීරයා

chanaka

Well-known member
  • May 4, 2006
    3,266
    931
    113
    ජීවිතයක් බේරාගත් වීරයා
    ගොඩගමදී දුම්රියක ගැටී යකඩ මැදිරි යට සිරවී සිටි 21 හැවිරිදි හමුදා සෙබළියකගේ දිවි බේරා ගැනීමට අසල නිවසක සිට දිව ආ චින්තක ගමගේ තරුණයා සමත් වුණා. කිසිවෙකුත් ඉදිරිපත් නොවූ මොහොතක, තමන්ගේ ඇඟපුරා තැවරෙන තෙල්, දැලිකුණු සහ රුධිරය නොතකා ඇයව පිටතට ගත් ඔහු, අනතුරින් කැඩී වෙන් වූ ඇගේ පාදයේ කොටස ද අයිස් බෑගයක දමා රෝහලට යැවීමට තරම් බුද්ධිමත් වුණා. ඒ නිසාම ඇයට යළි පාදය බද්ධ කිරීමේ භාග්‍යය හිමිවුණා.හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන ඇයට ඉක්මන් සුවය පතමු!

    910416453_1419750963649332_5186058398393286275_n.jpg


    චින්තක වැනි සැබෑ මිනිසුන් රටටම ආඩම්බරයක්! 🙏​
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,880
    36,147
    113
    කෙල්ල මොනවා කරන්න ගිහින්ද කෝච්චියේ හැප්පිලා තියෙන්නේ