Electricians ල මෙච්චර හොයනවත?

waca

Well-known member
  • Nov 13, 2006
    4,132
    2,736
    113
    Nugegoda
    මේ මම අද දැක්ක පුවතක්!

    ගාල්ල ජාතික රෝහලේ විදුලි කාර්මිකයෙකුට දිනක පඩි ලෙස රු. 30000ක් ගෙවලා.

    ගාල්ල ජාතික රෝහලේ විදුලි නඩත්තු සේවයේ යෙදි සිටි විදුලි කාර්මිකයින් දෙදෙනෙකු සදහා මසකට රුපියල් මිලියන 2.04ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

    රෝහලේ විදුලි නඩත්තු සේවයේ යෙදිසිටිම මත සාමාන්‍ය දිනයක රුපියල් 30,024ක මුදලක්ද ඉරිදා හෝ නිවාඩු දින සදහා රුපියල් 45,036ක මුදලක්ද මෙකි විදුලි කාර්මිකයින් දෙදෙනා වෙත ගෙවා ඇති බව අනාවරණය වි ඇත. රාජකාරි කාර්යයන් හා ගෙවිම් සම්බන්දයෙන් ලිඛිත ගිවිසුමක් නොතිබු අතර පැයකට රුපියල් 1,251 වේතන අනුපාතය තිරණය කළ පදනමද විගණනයට ඉදිරිපත් නොවු බව විගණනය මගින් පෙන්වා දි තිබුණි. ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි සිට ජුලි දක්වා සිදුකළ නඩත්තු කටයුතුවලින් සියයකට අනුවකට වඩා වැඩි ප්‍රමාණයක් සුළු විදුලි නඩත්තු කටයුතු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

    මෙම කාලය තුල බල්බ් සවිකිරිම මාසික නඩත්තු වාර වලින් සියයට අටේ සිට සියයට 58ක් විය. රෝහලේ නඩත්තු අංශය සදහා එම කටයුතු කිරිමට හැකියාව තිබියදි විදුලි කාර්මිකයින් දෙදෙනෙකු සදහා මසකට රුපියල් මිලියන 2.04 මුදලක් ගෙවිම රජයේ මුදල් නිෂ්කාර්යව වැයවිමට ඉඩ සැලසිමක් බවද විගණනය මගින් පෙන්වා දි ඇත.

    මේ සම්බන්දයෙන් රෝහල් බලධාරින් විගණනයට සදහන් කොට ඇත්තේ රෝහලේ ස්ථිර විදුලි තාක්ෂණ නිලධාරියෙකු හෝ කාර්මික ශිල්පින් නොමැති බැවින් හදිසි විදුලි නඩත්තු හා ප්‍රධාන විදුලි සැපයුම පවත්වාගෙන යාමේ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා තිබු බවය. මේ වනවිට එම විදුලි නඩත්තු සේවාව විවෘත ප්‍රසම්පාදනය යටතේ පුද්ගලික අංශයට ප්‍රදානය කර ඇති බවය.

    විදුලි නඩත්තු සේවා විධිමත් ගිවිසුම් හා පිරිවැය පලදායිතාවය මත ක්‍රියාත්මක කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.

    https://www.ada.lk/breaking_news/ගා...ෙකුට-දිනක-පඩි-ලෙස-රු--30000ක්-ගෙවලා/11-425270
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,259
    79,778

    https://www.ada.lk/breaking_news/ගාල්ල-ජාතික-රෝහලේ-විදුලි-කාර්මිකයෙකුට-දිනක-පඩි-ලෙස-රු--30000ක්-ගෙවලා/11-425270
    මොකක්හරි හොර සීන් එකක් නෙහ්. ඔච්චර ගෙවන්නෙ නෑ බන්, සමහර ජොබ් තියෙනවා පොඩි පොසිශන් හැබැයි CEO පඩි. කාවහරි ගොඩ දාගෙන හඩහගත්ත ඒවා තමා. SLT එකේ සමහ තේ හදන් උන්ට ලොක්කො බයයි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,045
    3,617
    113
    මේ වනවිට එම විදුලි නඩත්තු සේවාව විවෘත ප්‍රසම්පාදනය යටතේ පුද්ගලික අංශයට ප්‍රදානය කර ඇති බවය.
    contract nam me ganan tamai yanawa atte ban. BTW, hospital ekema electricity balanawa nam itin 2million per month kiyanne loku ganak newei
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,938
    6,061
    113
    මොකක්හරි හොර සීන් එකක් නෙහ්. ඔච්චර ගෙවන්නෙ නෑ බන්, සමහර ජොබ් තියෙනවා පොඩි පොසිශන් හැබැයි CEO පඩි. කාවහරි ගොඩ දාගෙන හඩහගත්ත ඒවා තමා. SLT එකේ සමහ තේ හදන් උන්ට ලොක්කො බයයි.
    එහෙමත් නැහැ බන් risk factor එක වැඩි ජොබ් තියනවා. Hi tension line වල වගේ වැඩ වලට ලොකු ගානක් වැටෙනවා පැයට. හැබයි ඉතින් පැය විසිහතරක් වැඩ කරන්න නම් බැහැ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    ෂුවර් එකටම ජෙප්පෝ දෙන්නෙක් වෙන්න ඇති. හොර සින් එකක් අනිවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,335
    8,843
    113
    අනිවාර්යෙන් අප්පච්චිගෙ කාලෙ ලොක්කෙක් අප්පච්චිගෙ පුතාගෙ ලියුමකට වැඩට ගනිපු එවුන් දෙන්නෙක් වෙන්න ඇති
     
    • Like
    Reactions: Naughtykolla48

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,132
    2,736
    113
    Nugegoda
    දවස් පඩි දෙන්නෙ නැහැනෙ. වැඩේට ගාන කියන්නෙ.
    විදුලි බල්බ සවිකිරීම නඩත්තු වාර වලින් 8-58%. ඔය AI හින්ද රැකියා නැතිවෙනවට බය අයට සුපිිරි වැඩක්. බල්බ් දාන්න වගේ දේකටත් මෙහෙම ගෙවනව නම්.