වසර දෙකක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලයට 2025දී රුපියල් බිලියන 38.74ක දැවැන්ත පාඩුවක්!

monson

Well-known member
  • May 7, 2007
    26,664
    31,524
    113
    :lol: 🤌
    2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය (CEB), 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා.
    ඒ අනුව, 2023 වසරේදී රුපියල් බිලියන 57.63ක සහ 2024 වසරේදී රුපියල් බිලියන 141.6ක ශුද්ධ ලාභයක් වාර්තා කළ විදුලිබල මණ්ඩලය, 2025 වසරේදී මෙලෙස අලාභයක් වාර්තා කර තිබෙනවා.
    2025 වසරේදී විදුලිය අලෙවියෙන් රුපියල් බිලියන 422.21ක ආදායමක් උපයා ඇති අතර, එම වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 486.28ක් ලෙස සටහන් වී ඇති බවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්තවල දැක්වෙන්නේ.
    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (19) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කළා.
    2025 ජනවාරි මාසයේදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වූ සාමාන්‍ය පිරිවැය රුපියල් 18.22ක් බවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කළා.
    විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, 2024 වසරට සාපේක්ෂව අනෙකුත් ආදායම්ද අඩු වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
    2025 වසරේදී වැඩි විදුලි ප්‍රමාණයක් අලෙවි කිරීමට සහ මූල්‍ය පිරිවැය අඩු කිරීමට හැකි වුවද, විදුලි ගාස්තු පහත දැමීම, විදුලිය මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම සහ වහල මත සවිකර ඇති සූර්ය බල පද්ධති සඳහා ගෙවීම් වැඩි වීම හේතුවෙන් එම වාසි ප්‍රමාණවත් නොවූ බවද අමාත්‍යවරයා පැහැදිලි කළා.
    2023 වසරේදී විදුලි ගාස්තු සියයට 66.2කින් ඉහළ දැමීමෙන් අනතුරුව සියයට 14.5කින් සහ සියයට 18කින් අඩු කර තිබෙනවා.
    එමෙන්ම 2024 වසරේදී සියයට 22කින් සහ සියයට 22.5කින් විදුලි ගාස්තු අඩු කර ඇති අතර, 2025 වසරේදී සියයට 20.8කින් අඩු කිරීමෙන් පසුව සියයට 15කින් ඉහළ දමා ඇති බවද සඳහන්.
    2024 සහ 2025 වසරවලදී මහා භාණ්ඩාගාරයෙන් විදුලිබල මණ්ඩලයට මුදල් ලබාදී නොමැති බවත්, 2023 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා රුපියල් බිලියන 126.27ක අතිරේක ආයෝජනයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,726
    7,208
    113
    Gedara
    ජෙපි ලොජික්ස් අනුව හොරකම් කරන ජනාදිපතිලා ඉද්දි ලාභ ලබනවා. හොරකම් නොකරන අය හිටියම පාඩු වෙනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,351
    17,516
    113
    🤭🤭

    W50Qdxn.jpeg
     

    Similar threads