ව්‍යාපෘති ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සංවර්ධන වැඩ අඩාළ බව වාර්තාවකින් හෙළිවේ

7 hours ago
report-reveals-that-development-work-is-stalled-due-to-project-activities-not-being-implemented-as-expected
2026 වසරේ මැද භාගය ගෙවී යන විට ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ රුපියල් බිලියන 632 ක මුදලින් වැය කර ඇත්තේ සියයට 15 ක් පමණි. ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 246.21 ක් හෙවත් සියයට 38.9 ක් භාවිත කිරීම ඉලක්කය වී තිබුණ ද, සැබෑ වියදම රුපියල් බිලියන 96.80 කට සීමා වී තිබීම මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පවතින දැඩි ප්‍රමාදය පැහැදිලිව පෙන්නුම් කරයි.
ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2026 දෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නැමැති සමාලෝචන වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබේ. රුපියල් බිලියන 1 කට වඩා වැඩි පිරිවැයක් දරන සංවර්ධන ව්‍යාපෘති 210 ක් මෙම වාර්තාවෙන් ආවරණය කර ඇති අතර, මෙම කාලසීමාව තුළ නව මහා පරිමාණ ව්‍යාපෘති 11 ක් ද එම ලැයිස්තුවට එක් කර ඇත. මෙම සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාවෙන් 118 ක් රුපියල් බිලියන 220.99 ක දේශීය අරමුදල් මගින් ද, 66 ක් රුපියල් බිලියන 377.19 ක විදේශ ණය මගින් ද, 26 ක් විදේශ ප්‍රදාන මගින් ද ක්‍රියාත්මක කෙරේ. රුපියල් ට්‍රිලියන 3.7 ක මුළු ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ කටයුතු ඉදිරි වසර කිහිපය තුළ අවසන් කිරීම සඳහා තවත් රුපියල් ට්‍රිලියන 1.8 ක් අවශ්‍ය වෙයි.
මුදල් භාවිතය මෙලෙස අවම මට්ටමක පැවතීමට හේතුව මහා භාණ්ඩාගාරය මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදයන් නොව, ව්‍යාපෘති ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවීම බව වාර්තාවේ සඳහන් වේ. මෙම වසරේ මූල්‍යකරණ ක්‍රම හතර අතුරින් වඩාත්ම මන්දගාමී ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ ද විදේශ ප්‍රදාන මුදල් භාවිතයයි. මේ වසරේ ප්‍රතිපාදනවලින් රුපියල් බිලියන 31.80 ක් විදේශ ප්‍රදාන වුවද, වසරේ මැද භාගය වන විට ඉන් වැය කර ඇත්තේ රුපියල් බිලියන 2.5125 ක් පමණි. ඉන්දීය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන නිවාස 10,000 ව්‍යාපෘතියේ සිව්වන අදියර ද මෙලෙස බලපෑමට ලක් වූ ව්‍යාපෘතිවලින් එකකි. 2023 නොවැම්බර් මාසයේදී ආරම්භ කර ලබන වසරේ නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණ ද, එහි භෞතික ප්‍රගතිය සියයට 10.32 ක් පමණක් බව වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, වෙනත් මූලාශ්‍ර හරහා මූල්‍යකරණය කෙරෙන ව්‍යාපෘති හා සසඳන විට දේශීය සම්පත් මගින් ක්‍රියාත්මක කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල මූල්‍ය භාවිතය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව මෙම සමාලෝචනයෙන් හෙළි වී ඇත.
දෙවැනි කාර්තුව වන විට ව්‍යාපෘති 47 ක් අවසන් කිරීමට නියමිතව තිබුණ ද, වැඩ අවසන් කර ඇත්තේ ව්‍යාපෘති 10 ක පමණි. තවත් ව්‍යාපෘති 20 ක් මෙම කාලය තුළ කිසිදු භෞතික ප්‍රගතියක් පෙන්නුම් කර නොමැත. ඊට අමතරව, දෙවැනි කාර්තුව අවසන් වන විට රුපියල් බිලියන 12.5 ක බිල්පත් නොගෙවා ඉතිරිව තිබූ අතර, එමගින් සිදු කරන ලද වැඩ සඳහා ගෙවීම් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පෙන්නුම් කෙරේ. බොහෝ ව්‍යාපෘති වසර ගණනාවක් තිස්සේ ඉබි ගමනින් ඇදෙමින් පවතින අතර, 2007 දී ආරම්භ කළ පල්ලෙකැලේ බන්ධනාගාර ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ආරක්ෂක මූලස්ථාන ව්‍යාපෘතිය සඳහා ද වසර 10 කට වැඩි කාලයක් දීර්ඝ කිරීම් ලබා දී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
සමස්ත ව්‍යාපෘතිවලින් තුනෙන් එකක් අවදානම් සහගත හෝ විශේෂ අවධානයක් යොමු කළ යුතු ව්‍යාපෘති ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් බොහොමයක් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වේ. නිවාස හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් සහිත විශාල ජල සම්පාදන යෝජනා ක්‍රම බොහොමයක් සියයට 96 ත් 99 ත් අතර ප්‍රමාණයකින් අවසන් වී ඇතත්, ඒවායේ මුල් නියමිත කාලසීමා පසු වී වසර 5 ත් 12 ත් අතර කාලයක් ගත වී තිබේ. උදාහරණයක් ලෙස යාපනය - කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය මාස 148 කින් දීර්ඝ කර ඇත. මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති කිහිපයක් ද සියයට 60 ත් 90 ත් අතර මට්ටමක සිරවී පවතී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සහ සෞදි අරමුදල මගින් බොහොමයක් මූල්‍යකරණය කෙරෙන එම ව්‍යාපෘති 14 න් 6 ක් දැනටමත් නියමිත කාලසීමා පසු කර ඇති අතර, ඉන් දෙකක් සඳහා නව අවසන් කිරීමේ දිනයක් පවා ලබා දී නොමැත.
මෙම මන්දගාමී ප්‍රගතියට බහුලවම බලපා ඇති හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්ය සාධනයයි. එමගින් ව්‍යාපෘති 28 කට බලපෑම් එල්ල වී තිබේ. ප්‍රසම්පාදන ක්‍රියාවලි ප්‍රමාදය ව්‍යාපෘති 22 කින් වාර්තා වී ඇති අතර, තෙවැනි පාර්ශ්වවලින් අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයට ව්‍යාපෘති 20 ක් මුහුණ දී ඇත. තවත් ව්‍යාපෘති 12 ක ව්‍යාපෘති කළමනාකරණ ඒකකවල කාර්ය මණ්ඩල හිඟය හෝ තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමේ ප්‍රමාද පැවතුණි. ව්‍යාපෘති විෂය පථය වෙනස් කිරීම ව්‍යාපෘති 11 කට බලපා ඇති අතර, ව්‍යාපෘති 8 ක් මුදල් නිදහස් කිරීම අත්හිටුවීම, ඉදිකිරීම් හා අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හෝ ඒ හා සම්බන්ධ ගැටලුවලට මුහුණ දී තිබේ.
ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රමාදය සහ දේශගුණික හා කාලගුණික බාධා කිරීම් ව්‍යාපෘති 6 බැගින් ද, උපදේශකවරුන්ගේ දුර්වල කාර්ය සාධනය ව්‍යාපෘති 3 කින් ද හඳුනාගෙන ඇත. ඉන්ධන සැපයුමට පනවා තිබූ තාවකාලික සීමා, ඉන්ධන මිල ඉහළ යාම සහ තාර වැනි ඉදිකිරීම් ද්‍රව්‍ය ලබා ගැනීමේ දුෂ්කරතා ද මෙම සාධකවලට අමතරව හඳුනාගෙන තිබේ. රුපියල් ට්‍රිලියන ගණනක ඇස්තමේන්තුගත ව්‍යාපෘති ලැයිස්තුවට අලුතින් ව්‍යාපෘති එක්වෙමින් පැවතිය ද, වසරේ මැද භාගය වන විටත් සැලසුම් කළ මූල්‍ය හා භෞතික ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇති ආකාරය මෙම දෙවැනි කාර්තු සමාලෝචනයෙන් පැහැදිලිව නිරූපණය වෙයි.