අදට අවරුදු 167 කට කලින් තමයි මනුස්සයෙක්ට පහළ වෙන්න පුළුවන් විශිෂ්ඨතම අදහස සහ ඉන් පැන නැගුනු සිද්ධාන්ත සියල්ල කැටි කර සංගත ලෙස කෘතියක් තුලින් ඉදිරිපත් කෙරුණෙ. ඒ තමයි On the Origin of species කෘතිය. විශේෂයන්ගේ සම්භයව කෘතිය 1859 අවුරුද්දේ නොවැම්බර් 24 වෙනිදාවක මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වුනාට මේ පොතේ කිසිම තැනක මානව පරිණාමය ගැන චාර්ල්ස් රොබර්ට් ඩාවින් සඳහන් කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි එහෙම එකවර සිදුකිරීම විශාල කලහාකාරී තත්වයකට මඟ පාදන්න තිබුනු ඉඩකඩ.
ඩාවින් මානව පරිණාමය ගැන කතා කරන්නෙ Descent of man කෘතියෙන්. මේක නිකුත් වෙන්නෙ 1871 වර්ශයේදි. මතක තබාගත යුතු කාරණය තමයි මේ වෙද්දි ඩාවින් මානව පරිණාමයට අයත් කිසිඳු ෆොසිලයක් ගැන දැනුවත් නැහැ. ඒකට හේතුව තමයි මානව පරිණාමයට අයත් ප්‍රථම ෆොසිලය වෙන නියැන්ඩර්ටාල් ෆොසිලයක් සොයාගනු ලබන්නෙ 1856 වර්ෂයේදි. ඒ කියන්නෙ on the origin of species නිකුත් වෙන්න වසර තුනකට කලින්. හැබැයි මේක වෙනම මානව විශේෂයක්ය කියලා ප්‍රථම වරට විද්‍යාත්මක ප්‍රකාශනයක සඳහන් වෙන්නෙ 1864 වර්ෂයේදි. ඒ කියන්නෙ Descent of man නිකුත් වෙන්න වසර පහකට කලින්. හැබැයි ඩාවින් මේ descent of man කෘතියෙත් කතා නොකරන්න හේතුව තමයි මේ ප්‍රකාශනය ජර්මානු ප්‍රකාශනයක් සහ ඒ වෙද්දි නියැන්ඩර්ටාල් මානවයා පිළිබඳව විද්‍යාත්මක එකඟතාවක් නොවීම.
හැබැයි මේ descent of man කෘතියේ ඩාවින් මෙහෙම ලියනවා. "ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ක්ෂීරපායින් ඒ එක් එක් පෙදෙස්හීම වඳව ගිය විශේෂනට සමීප පරිණාමික බන්ධුතාවන් දක්වනු ලබනවා. මේ හේතුන් නිසා උපකල්පනය කල හැකියි අප්‍රිකාව ආදී යුගවල, වර්තමානයේ ජීවත්වන වානරයන්ගේ (ගොරිල්ලා, චිම්පන්සීන්) වඳව ගිය ඥාති විශේෂවල නිජබිම කියා. මේ වත්මන් වානරයන් මිනිසාගේ ආසන්නතමයන් නිසා මිනිසාගේ ආදිවාසීන්ටද අප්‍රිකානු සම්භවයක් තිබීමේ සම්භාවිතාවක් පවතී"
දැන් ඩාවින් මේ කතාව කියන්නෙ මානව පරිණාමයට අදාල එක ෆොසිලයක්වක් නෙැදැක. ඒ වෙද්දි හොයාගෙන තිබුනු එක ගැනවත් ඒ වෙද්දි ලොකු අවධානයක් තිබුනෙ නෑ.
මේ කතාවේ පුර්වාපර ගැලපෙන්නෙ ඩාවින් origin of species ලියලා හරියටම වසර 115 පිරෙන 1974 වර්ෂයේ නොවැම්බර් 24 වෙනිදාවක ඩොනල්ඩ් ජොහැන්සන් කේතාංක AL188-1 නම් දෙන ෆොසිලය අප්‍රිකාවේ අවාශ් නිම්නයෙන් සොයාගැනීම. ඒ තමයි ලුසී. කිසිඳු මානව ෆොසිලයක් නෙැදක ඩාවින් සිදුකරන පෙරැයීම පරිණාමය ගැන ඔහුගේ පළමු කෘතියෙන් හරියටම වසර 115 ගෙවෙන දින සොයා ගැනීම දෛවෝපගතයි.
කාළතරණ යන්ත්‍රයකින් ඩාවින්ව නැවත මුණගැසිය හැකිනම් අද වෙද්දි ඔහු අනුමාක කල පරිපුර්ණ පරිණාමික වෘක්ෂයම අප්‍රිකානු ෆොසිල අනුසාරයෙන් පෙන්විය හැකියි.
ඩාවින්ට නිවැරදිව කියවාගත නොහැකි වු තව දෙයක් තමයි විකෘතිවලට තුඩු දෙන ජානවල හැසිරීම. ඩාවින් ජීවත්වෙද්දි ඔය ජාන ක්‍රියාකාරීත්වය ගැන කවුරුත් දැනන් හිටියේ නෑ. ග්‍රෙගරි මෙන්ඩල් ජාන ගැන 1866 දි කතා කරාට ඒ වෙද්දි විද්‍යා ලෝකය තුල ඒ ගැන ලොකු කතා බහක් තිබුනෙ නෑ, මෙන්ඩල්ගේ සොයාගැනීම සැඟව ගිහින් ඔහු මිය ගියාටත් පසුව තමයි නැවත කරලියට එන්නෙ. මෙන්ඩල්ගෙ පලකිරීම ජර්මානු භාෂාවෙන් සිදුවුන නිසා වුන දෛවයේ සරදම තමයි ඩාවින් ඔය මෙන්ඩල්ගේ සොයා ගැනීම පලකරපු ජර්නලය අරගෙන තිබුනත් එහි කවරය කිසිදාක විවෘත කර නොතිබීම. දෛවයේ අනෙක් සරදම තමයි මෙන්ඩල් ඩාවින් පිළිබඳව දැන සිටීම සහ ඩාවින්ගේ සොයාගැනීම් පිළිබඳව තමන්ගේ පලකිරී තුලත් කෙටි සඳහනක් කිරීම. ඒ නිසා චාර්ල්ස් රොබර්ට් ඩාවින් සහ ග්‍රෙගරි මෙන්ඩල් කියන්නෙ ලෝකයට එවකට අත්‍යවශ්‍යම වු නමුත් ඔවුන් දෙදෙනා ජීවත්ව සිටියදි කිසිදාක සිදු නොවු සුසංයෝගය.
ඒ අනුව ගත්තම තමන්ගෙ සිද්ධාන්තයට අත්‍යවශ්‍යම ෆොසිල සාධක සහ ජානමය හැසිරීම පිළිබඳව තොරතුරු කියන ද්විත්වයම නොමැතිවත් අතිශයින්ම නිවැරදි ලෙස පරිණාමය ඉදිරිපත් කිරීම කියන්නෙ අතිශයින් විශිෂ්‍ඨ මනස මෙහෙයැවීමක්.
#repost
Don Supz