පහුගිය ටිකේ මම පොර ගැන හොයලා බැලුවා.. ආර්මී එකේ හිටිය සුපිරි වැඩ්ඩෙක්.. දෙස් විදෙස් යුධ පුහුණු ලබපු ආමි එකට මොරාල් දීපු ටොප් ලෙවල් එකේ ගින්දර බඩුවක්! අද හිටියා නම් ලොක්කෙක් තමා.. උගේ පෙනුමෙත් තියෙනවා මහ කැරිම මොරාල් එකක්.. ඒක හැමෝටම පිහිටන්නෙත් නෑ.ආයේ ලෝඩ් පකීර් ලුකින්ග්!..
පව් ඉතින්... ඉනට වෙඩි වැදිලා තියෙන්නේ.. කොල්ලෝ ටික කැලෙන් එළියට උස්සන් එද්දි තමා පණ ගිහින් තියෙන්නේ. පොර මැරිලත් දවස් 4ක් බොඩි එක මහ වැස්සේ තෙමි තෙමි කැලේ තිබිලා.. පොරගේ බඩියා බොඩී එකත් එක්ක ඉඳලා, දාලා ගිහින් නෑ..අන්තිමේ තුයිය කොන්තලා ඒ කාලේ හෙලිකොප්ටර් එකෙන් ගිහින් තමා බොඩි එක අනුරාධපුරේට ගෙනත් තියෙන්නේ. අනුරාධපුරේ එම්බාම් එකට ගේනකොට හොඳට නරක් වෙලා. එම්බාම් කරන්නවත් සුදුසු නැති විදියටලු තිබ්බේ.සරත් ෆොන්සේකා මල්සාලාවට කිව්වලු මට කෝම හරි මහජන ප්‍රදර්ශනයට හදලා දෙන්න කියලා... පොර මැරෙද්දි වයිෆ් ප්‍රෙග්නට්.. දැන් දුවට අවුරුදු 18ක්..
ගම අවිස්සාවෙල්ලේ.. අද පිළිමේ ගාව මල් මිටක්වත් තියනවද දන්නේ නෑ.ලඟ පාත උනා නම් ගිහින් තියනවා බන්.... අදට හරියටම අවුරුදු 18යි පොර මැරිලා... අද අපි මේ කාලා බීලා සතුටු වෙන්නේ මේ මිනිස්සු මැරිලා බේරලා දුන්න රට.. 88 විල් මහ විරු නෙමේ පකෝ, මුන් තමා සුපිරි විරුවෝ!!!