උඹලත් හැදෙන්නෙම නෑ නේ. පරණ ඇරියස් අල්ලාගෙන මඩ ගහ ගන්නවා. ජීවිතේ කෙටියි, මට ඊයේ ඒක දැනුන. ඊයේ රෑ හොඳට නින්ද ගියේ නෑ. එක පාර මට දැනුන මහා වේගෙන් හාට් එක ගැහෙනවා, හීනයක් දැකලත් නෙවේ. ඉතින් මම ප්‍රෙෂර් චෙක් කලාම 129/114 පල්ස් එක 183යි. හාට් එක ගැහෙන වේගෙට පපුවත් දෙදරනවා. ටික වෙලාවක් බලන් ඉඳල ආපහු බැලුවම එත් වෙනසක් නෑ. සිස්ටෝලික් අඩුයි ඩයස්ටෝලික් වැඩියි මොකක් හරි ටැකිකාඩියා තත්වයක් ඇවිල්ල. එළිවෙනකම් ඕක තිබ්බ බන්. උදේ යන්තම් 90, 80 වගේ වුන. දැන් හොඳටම මහන්සි. පඩි පෙළ නගින්න බෑ. මම චැනල් එකක් දැම්ම. දෙසැම්බර් පළවෙනිදා තමයි ඩොක්ට එන්නේ. මෙහෙම දැනිලා නැහැ කවදාවත්. උඹලට කියන්නේ උඹල පරිස්සම් වෙයල්ලා. සන්තෝසෙන් ඉඳපල්ලා, රණ්ඩු වෙන්න එපා.
