කෑ බත් පතට පහරා යන එවුන් මත
ලොව රජයනා හරකුන් ඇත බොහෝ විට
එක ළඟ සිටිය මිතුරාගේ පිටට ඇන
රජයන එකා මැරෙනවා ලොව යම් දිනක
තරුණ කටක නටනා කල ලිප මතම
ඌ නොදනේය උගෙ මරණය නියත බව
තමාගෙ වල කැපෙනා බව නොම දැනෙන
අපි ළඟ සිටින සමහරු රඟනවා ඇත
තම වරදින් කිල්ලෝටය පුරවගෙන
අනෙක් කෙනුකු පසුපස යන මිනිසාය
තම වරදන්ද එලිවුන කල යම් දිනක
තැනක් නොමැත සැඟවෙන්නට සක්වලම
අද සිටිනා තැන ස්ථිර නැති කලෙක
එය සඳහා සටන් වැදුන මිතුරාය
පාවාදෙන සතුන් සිටින ලංකාව
පුදුම සිතුන නැති එකනම් ස්ථිරය