මං හිතන්නේ workstation VGA (ex: Nvidia quadro /ATI fire ) සහ Gaming (ex: Nvidia Geforce / ATI radeon) VGA ගැන නේද උබ කියන්නෙ. මේ ජාති දෙකටම එකම GPU තමයි භාවිතා කරන්නේ. ඒත් VGA card එකේ designs වෙනස්. සමහර software , games හදන කොට මේවායෙන් එක වර්ගයකට වඩා ගැලපෙන්න (optimise) හදනවා. ඒ VGA model එක දැම්මොත් හොඳ result එකක් ගන්න පුළුවන්. එදිනෙදා වැඩ වලට නම් ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ මොන වර්ගය දැම්මත්. කොහොම උනත් workstation VGA පට්ට ගණන්. ඒ නිසා professional / business level එකේ වැඩකට ඇරෙන්න වෙන දෙයකට ඒවා පාවිච්චි කරන්නෙ නෑ. (උදා : Film editing , 3d animation , VFX , CAD, modelling and simulations)
මේ වර්ග දෙකම එකම slot එකකට සම්බන්ධ වෙන්නේ. (ඉස්සර නම් AGP, දැන් PCI express 16x) ඒ නිසා ගොඩක් වෙලාවට ඔනෑම motherboard එකකට මේවා සම්බන්ධ කරන්න පුළුවන්.
එකම motherboard එකට VGA දෙකක් (හෝ වැඩි ගණනක්) සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට Nvidia SLI හෝ ATI cross fire තාක්ෂණයට ගැලපෙන VGA cards සහ motherboards තියෙන්න ඕනි.