ආශාවන් සෑම කෙනෙකුටම ඇත. මොහොතින් මොහොත විවිධ අශාවන් සිතේ හට ගනී. එය සිතේ ස්වභාවයයි. එහෙත් ඒ ආශාවන් ගැන බුද්ධිමත්ව කල්පනා කර කටයුතු කල යුත්තේ, යමක් කෙරෙහි ඇතිවූ ආශාවන් සෑම විටම එසේ නොපවතින බැවිනි. කාලය ගතවෙද්දී, දැනුමෙන් පෝෂණය වෙද්දී අප කල කී දෑ දෙස හැරී බැලූ විට, පෙර අප මහත් ආශාවෙන් කල කී දැයින්...