අපගේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වූයේ මිනිසුන්ට පමණක් නොවේ. උන්වහන්සේ මිනිසුන්ගේත් දෙවියන්ගේත් ශාස්තෘන් වහන්සේ. ඒ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා අප උන්වහන්සේට නමස්කාර කරනවා. ඒ පිළිබඳව සඳහන් වන දේශනාවක් මජ්ජිම නිකායට අයත්ව තිබෙනවා. ඒ බ්‍රහ්මනිමන්තික සූත්‍රයයි. තථාගයන් වහන්සේ එක් කාලයක...