සිල්වත් යැයි කියන්න බෑ සුදු ඇන්ඳාට
තැන්පත් යැයි කියන්න බෑ හිමින් ඇවිද්දට
හිතවත් යැයි කියන්න බෑ ළඟ සිටියාට
සවිමත් යැයි කියන්න බෑ ඇඟ තිබුණාට
ඇහෙන් දකින හැම දෙයක් ම ඇත්තයයි සිතා
රැවටෙන්නට එපා ඇත්ත ඇත්තෙ හැංඟිලා
කණට ඇහෙන හැම දෙයක් ම ඇත්තනම් නොවේ
සිහිනුවණින් අහන දකින දෙයයි හරි ලොවේ