පෙරදාක සිටියත් සෙනෙහසින් බැඳී
ඇයි අද මෙලෙසින් අප වෙන්වී
පැතූමුත් එක්වන්නට මේ භවයපුරා
ඉටු නොවන සිහිනයක අද මා තනිවෙලා
සිටියමුත් එදා සෙනෙහසින් වෙලී
මතකයන් පාරයි මා හද පුරා
වෙන්වුනත් මා කෙරෙන් නුඔ වෙන කෙනෙකු පතා
නුඹ දැන් දුක තුරුලු කරන්,,
නුඹේ සුවඳ ලග අද මා තනිවෙලා
අහිතක් නෑ තවම මග බලමි නුඹ යලි...