මංකඩ ලඟ හැන්දෑවේ දියබුං හඬ නඟනා
දංගොල්ලේ පන් කොටුවට යාන්තමින් පෙනෙනා
බිම් කළුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා
තුන්තුඹ මල් පිපී පෙති පුරවා නින්දට සැරසෙන්නා
රණ්ඩු වෙවී මලිති බටිති ලන්දේ සැඟ වෙන්නා
හීන් හුළඟ මා තනි කොට කන්දට දිව යන්නා
ගං ඉවුරෙන් සීපදයක් මං තනියට එන්නා...