ගෝලාකාර ලෝකයේ විවිධාකාර වූ පෙම්වතියන් වෙති. මහප්‍රාණාකාර, ගෝලාකාර, අල්පේච්ඡාකාර, රිටාකාර, කරුමක්කාර ආදී වශයෙන් මුන්දැලාව වෙන් කර හැක. එදිනෙදා බහුවලම හමු වෙන කැටගරි කීපයක් ගැන ලියන්නට සිතුවෙමි.
පලමු වර්ගය අක්කාකාරය. Elderiya akki baba යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පෙම්වතියන් කොල්ලාට වඩා...