පරණ බඩු
සෙනසුරාදා මද්දහනේ වසන්තා තට්ටු නිවාසයේ ජනේලයෙන් පහළ පාර දෙස බලා සිටියේ ටියුෂන් පන්තියකට ගිය තම දියණිය පැමිණෙන්නේ දැයි විපරම් කරමිනි.
බර කිරණ තරාදියක් සහ ගෝනියක් අතින් ගෙන පාර දිගේ ආ මිනිසෙක්, වසන්තා දැක උඩ බලමින් උස් හඬින් මෙසේ කීය.
“නෝනා, පාව්චිචි කරන්ඩ බැරි පරණ බඩු තියෙනවා...