අලුත් අවුරුද්ද සමරමු!
එක්සේසත් කළ අප මාතෘ භූමියේ එක්සිත්ව සතුටින් සොම්නසින් ගත කෙරෙන පළමු අලුත් අවුරුද්ද උදාවී තිබේ. එක්සේසත් කළ මවුබිමේ හදවත් යා කිරීමට එළඹුණා වූ මේ නව වසර යොදා ගත යුතු බව මාගේ අදහසයි. සිංහල සහ දෙමළ ජනතාව එක්ව පවත්වන මේ අලුත් අවුරුදු උළෙල අප අතර පවතින සංස්කෘතික සබැඳියාව...