ගුවන් නැවේ අබිරහස - S.H
ගුවන් නැවේ අබිරහස
====================
සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් ලැබෙන බව පෙනේ. අද රාත්රී 7.00 ට බේකර් වීදියට පැමිණෙන්න.
-- S.H.
රෝගියෙක් පරීක්ෂා කර නිවසට පැමිණි මට ෂර්ලොක් හෝම්ස් එවූ විදුලි පුවත ලැබුණේ සවස් වරුවේය.
විවාහයෙන් පසු බේකර් වීදියේ නවාතැනෙන් සමුගත් මා...