ස්වේත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ.. ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..
රළු පොලොව මතින් දිවෙනා.. විඩාබර දිගු ගමනේ...
මුදු සිනිදු දෙපා රිදෙනා... වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ... චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ...