පැරකුම්බා සිරිත
සිංහල සාහිත්‍ය ග්රන්ථාවලියට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී එක් වූ අලුත් මගක් ගත් තවත් විශේෂිත කෘතියක් ලෙස පැරකුම්බා සිරිත හැඳින්විය හැකි ය. එතෙක් නො ලියැවුණු ගණයේ ප්‍රබන්ධයක් වූ මෙය විරුද කාව්‍යයක් හෙවත් ප්රශස්ති කාව්‍යයක් වේ. සංස්කෘත භාෂාවෙන් රචිත පැරැණි විවිධ විරුද කාව්‍ය...