1. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මහගෙදර ඔබ සැම දෙනාටත්, මගේ රටටත්, සුභ නව වසරක් වේවා යයි පතමි.
  2. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මිත්‍රයා ඔබේ මිත්තණියට නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරනවා. ජීවිතය අපට පාලනය කල නොහැකි දෙයින් පිරිලා. ඒවායින් සිත් තැවුල් ඇතිවීම සොබාවිකයි. නමුත් ඔබ වන් මුණුබුරෙක් හදා වඩා ගැනීම ගැන ඔබේ මිත්තණිය සතුටු වෙනවා නොඅනුමානයි. එය ඔබට සැනසිල්ලක් වේවා!
  3. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මම ඉංග්‍රීසි ගීතයක් දැම්මා. මෙතන සිංහල සින්දු තියෙන තැනක් නිසා එච්චර ගැලපීමක් නැහැ තමයි. ඒත් දේශීය සංගීතය පිලිබඳ සංවාදයක් වෙලා තියෙන නිසා මට දාන්න හිතුනා. මේ ගීතය ගායනා කරන colonial cousins ගෙන් හරිහරන් ප්‍රගුණ කරලා තියෙන්නේ ගසල් සම්ප්‍රදායේ ශාස්ත්‍රීය සංගීතය. ලෙස්ලි ලුවිස් ජෑස් සංගීතඥයෙක්...
  4. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ටික කලක් මිනිසා මත්පැන් බීමෙන් අනතුරුව, මත්පැන් විසින් මිනිසා කෑමට පටන් ගනී. :no:
  5. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි අමිල. මමත් මේක ගත්තා. මේ ගීතය සහ 'සොවින් පිරි මගේ හදවත' වැනි රසවත් ගීත රැසක් රචනා කළ ප්‍රේම්නාත් ජයතිලක මහතා 2006 වසරේ අපෙන් සමු ගත්තා. ඒ මත් පැනට හා දුම් වැටියට ගොදුරු වුණු තවත් ජීවිතයක් වශයෙනුයි.
  6. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි මිත්‍රයා. ඔබටත් නුවන් ටත් දෙදෙනාටම. මමත් මේ ගීතය ගත්තා. මෙවන් පෞර්ෂයකින් හෙබි හඬකින් ගැයූ කපුගේට අවසානයේ ඔහුගේ හඬත්, ගෞරවයත් දෙකම නැතිවුණු හැටි හරිම ඛේදනීයයි
  7. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    යාල්පානමට යාවෙන කිවුල් දිය මිදෙනා වෙරළක කිමද නගේ නෙත් විල්තෙර කඳුලු පුරෝගෙන දෙවුන්දර තුඩින් හිනැහෙන කෝලම් වෙස් දරනා මුහුණක ආඬවනේ මොකදෑ මේ ඉන්නෙ රවාගෙන යාල්පානමට - ක්‍රිශාන්ත එරන්දක / නිරෝෂා විරාජිනී
  8. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මම මේක ගත්තා. ඔබට ස්තුතියි. මේ ගීතය ගැන වැඩි දුර විස්තර එහෙම දන්නවාද?
  9. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ඔබගේ පියාණන් ඉක්මනින් ම සම්පූර්ණ සුවය ලබත්වා යයි පතනවා. ඔබ යලිත් මෙතැනට පැමිණීම සතුටක්. අළුත් handle එකක් නිසා ඔබට මා හඳුනා ගැනීමට නම් බැරිව ඇති.

    No contents