රජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා.....
කියනවාට සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා.....
දැනෙනවාට සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
බැරිවුණදා නෑදෑයන්
අතහැර ගිය දා....
හිතෙනවාට සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
ගී පද -...