[SIZE=5]ඔන්න ඔහොම කියල අදටත් යහතින් ජීවත්වෙන කී දෙනක් ඉන්නවද….?
වැඩිය ඕනෙ නෑ. මමත් කී පාරක් ඔහොම කියල තියෙනවද, එහෙම කියපු දෙතුන් පාරට වඩා කී පාරක් නං හිතිල තියෙනවද. මං නං මළේ නෑ. යස අගේට පවුලකුත් කාගෙන බ්ලොග් එකකුත් කොරං ඉන්නව. ඔය හිතට එන කේන්තියට ඔහොම කිව්වට මැරෙන්නෙ මොන හිතකින්ද. දාල යන්න...