පියවි ඇසින් ඔබ්බට : 13
පෙර ආත්ම ගණනාවක තොරතුරු කියූ ජීවනී
“වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ…” යැයි සංසාර මඩ ගොහොරුවෙහි කරක් ගහන සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි දේශනා කොට ඇත. ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස යන ආයතන හයට ස්පර්ශ...