හැම දුකක්ම හිතේ දරාගන
දුකක් නොමැති බව මට පෙන්වමින්
සෙනෙහස් ගොන්නක් දෙන්න බලාගන
මම එනතුරු මග බලාගන ඉන්නා අම්මේ
සැතපුම් දහස් ගනනින් ඈත
ඔබේ මිනිබිරියන්ට අකුරු කරන්නට විත්
තනිඋනේ ඔබ නොවේ මමයි අම්මේ
පෙරුම් පුරමි දිනයක් එනතුරු
ඔබේ උනුසුම ලබන්නට
නොගොස් ඔබ හැර සදාකාලිකවම
ඇස් දෙක තෙත් උනා ඔයාගෙ කවිය...