ඕසධී තාරකාව මෙන් බබළන දිව්‍යාංගනාවක් සිටියාය. ඇය නටන විට සියලු අඟ පසඟින් ඉතා කන් කලු දිව්‍ය නාදයකුත්, දිව්‍ය සුගන්ධයකුත් නිකුත් වෙයි. හිස් මුදුනේ ඇති මල් කලඹ මඳ සුළඟින් සැලෙද්දී එයින් පංචතූර්ය නාදය නිකුත් වෙයි. ඇය හිසෙහි පැළඳ සිටින මල් දමෙන් ඉමිහිරි සුවඳක් පැතිරෙයි.
මෙවැනි ආනුභාවයක් සහිත දිව්‍ය...