ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්නකින්නරාවී
මා එක්ක එනවාද චන්නකින්නරාවී
රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
මා එක්ක එනවාද චන්නකින්නරාවී
සඳ නිවී ගිය රාත්රියේ තාරකා...