ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි. අද (04) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර ඇත.