මීට අවුරුද්දකට විතර කලින් මම මගේ සඳලුතලේ දුමක් ගහ ගහ හිටියා. එදා රෑ වැස්සෙන් තෙමුනු, ඒත් සඳ එලියෙන් ආලෝක වුනු රැයක්. ඔහොම ඉන්න ගමන්, එක පාරටම මගේ ඔළුවට මේ වචන ටික පාවෙලා ආවා - “මේ රැයේ සඳ පාට ගෑවුනු වැස්සේ, හාදු හොයා ඈ කොහෙ යනවාදෝ?” එහෙමයි මේ සින්දුව ඉපදුණේ.
ඒ දවසේ ඉදන් අවුරුද්දකට පස්සේ...