[ලබු වැලක් සහ කිතුල් ගහක් අතර දෙබසක්]
ලබු වැල:
වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට
කිතුල් ගස:
අහන එක පුදුමයි
දැන් මට වයස පනහයි
ලබු වැල:
මට මාස හයකුත්
දවස් හතරකි තවමත්
කිතුල් ගස:
ඔබ බාල බව මම
දැනගෙන සිටිමි හොදටම
ලබු වැල:
නැතත් වයසක් මට
උස වෙමි ඔබේ තරමට
මට මෙන් ඉක්මනට
හැදෙන්නට බැරි මොකද තමුසෙට...