යටිනුවර වීදියට හැරී මද දුරක් ගමන් ගන්නා විට උඩුරාවන ‘රාජා’ කුමක් හෝ හේතුවකින් කුලප්පු විය. මේ සමග පෙරහැර නරඹමින් සිටි මහ පිරිස හිස් ලූ ලූ අත දිව යන්නට පටන් ගත්හ. මර හඬ නංවමින් මිනිසුන් දිව යන ආකාරය දුටු පෙරහැරේ ගමන් කළ හේවිසිකරුවන්, නැට්ටුවන්, පන්දම්කරුවන් ආදී මෙකී නොකී පිරිස් තම හේවිසි...