ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය.
මෙම කොඩිය, 1884 ජනවාරි 28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන්...