මෙම කතාවේ ආරම්භය පනහේ දශකයටත් එහා දිවයයි. අපේ කතා නායකයා මතු වන්නේ නවසිය පනස් ගණන්වලදීය.
මේ දරුවා පියා නැති දරුවෙකි. ඔහුගේ මවට මේ දරුවා ලැබුණේ මව අවිවාහකවය. පියා කවරෙක්‌දැයි ගමේ මිනිස්‌සු දැන සිටියද ඔහු විවාහකයකු බැවින් මේ දරුවා අවජාතකයෙකු විය.
අම්මා ගෙදරදී ඔහුට කතා කළේ කළු අප්පු නමිනි...