වලා රොදකට සිරවුණු ඒ පුංචි අහිංසකාවී......
පියබන්න ඉතින් ඔබ ඒ මැවූ ලෝකයට
ඒ ලෝකය සොදුරු කරන්නට
මා ගත් වෙහෙස බිදක් හෝ රුකුලක් වුයේ නම්...
සදා වෙනස් නොවන සිත
හදා ගන්න දුන්න වෙහෙස ඔබ දනී නම්....
ඔබ ඒ ලෝකයට නොයනු ඇත
ඔබ ගැන ඒ දැනුන ආදරය සැබෑ නොවූවාට
ඔබේ ලෝකයට මාවත මලින් සැරසූවේ...