සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ
වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා
සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා