දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
වෙසෙනා යුවලකිය ආදරයකින් තද
එදත් හවස කට ගැස්මට කඩල බැද
ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද
උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
තේපැන් පවා සපයා උනුනට රිසිසේ
ආවා මවද වැඩපල නිමවා දවසේ
පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
වමතින් දමා උඩ එන එන කඩල ඇට...