ගුවන් යානා 130 කට අධික සංඛ්‍යාවක් මෙහෙයවන ඉතියෝපියානු ගුවන් සේවය 100% ඉතියෝපියානු රජය සතුවන අතර ලෝකයේ සාර්ථකම ගුවන් සේවයක් ලෙස මේ වන විට පත්ව ඇත. පසුගිය 2022 වසරේ ඩොලර් බිලියන 6 කට අධික ආදායමක් සහ ඩොලර් මිලින 938ක ලාභයක් ඉපයූ තරු හතරේ ගුවන් සමාගමක් ලෙස මේ වන විට මැද පෙරදිග ගුවන් සේවා සමග තරග කර...