සාගර පලන්සූරිය එහෙමත් නැත්නම් කේයස් කියලා අපි දන්න මේ සුදෝ සුදු පොතේ කතුවරයා කලින් පැවිදි වී සිට පසුව උපැවිදි වූවෙක්. ඔහු පැවිදි කල හැදින්වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසයි. පසුව උපැවිදි වූ කල "කළල්ඇල්ලේ ආනන්ද සාගර" යන නමෙහි මුලකුරු එක් කොට, K.A.S නොහොත් කේයස් ලෙසින් ද ඔහු හැඳින්විනි..