1. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    යන්නෙමි මේ මග දිගේ අවට බලමින් රූ රිසි සේ නෙක අත මවයි සිතුවිලි මනසේ මොහොතක පමාවෙන් පය පැකිලේ ඇදවැටී හති ලන්න සිදුවේ ගමන් අවසන් කර ලන්න සිත් වේ නුඹේ රුව මොහොතකට සිහිවේ යළි පණ ලබා දිරියෙන් ගමන ඇරඹේ
  2. maleemsg

    Mama kauda..???

    අම්මෝ මට නම් කියා ගන්න දෙයක් හිතා*ගන්න බෑ... නියමයි කියන්නේ ආයේ....දුක වැඩි කමට සතුටු හිතෙන ජාතියේ කවියක්!
  3. maleemsg

    Api

    nice poem Gangi ~
  4. maleemsg

    Wendsday

    wow.... niyamai...!
  5. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ගොඩ දවසකින් අද සෑහෙන කවි ලිව්වා ආපහු ගොහින් බැළුවම පිස්සුත් හැදුනා රාජකාරි වැඩ සේරම අද ඇණ හිටියා කොහොම උනත් කාලය පැන දිව්වා... අම්මා බලන් ඉන්නවා මම එනකම් ඇදිරි වැටෙන්නට පෙර ගෙට රිංගම් කවි කී හැමට තුති පුදනෙමි මම මේ දැන් හමුවෙමු නැවත දිනකදි අරගෙන කවිකම්*.... :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  6. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    :eek: සමා වෙන්න මගේ ඇස් පෙනීම හොද නැතුවා මල්ලී ලිව්ව කවිය මම පටලව ගත්තා පිළිතුරු කවියෙන් හරියට වටහා ගත්තා එළ එළ හොදයි එහෙනම් මම දැන් යන්නට යනවා :lol:
  7. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    දරා ගිණි අවි රකිති විරුවන් විසින ආයුධ හරඹ අවසන් වේලු අද හෙට සාටක කරලාන කියති උන් සභාමැද එලෙස අමතකව ගොස් ඇත යුදධයට පසු සාමකාමී ලෙසට ඉන්නට අපේ උන් තවම සූදානම් නැති බව සොයුර කියාදෙන්න නූඹේ දරුවාටවත් නැති බව ජාතියක් මිනිස් ජාතියට ඉහලින් නැති බව ආගමක් මනුස්සකමට ඉහලින් ආන් එවිට...
  8. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    කියා දෙන්න මට කොහොම ද... මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ.. කියා දෙන්නට මට කොහොම ද.. උරට සවුක්ය ගැන කියලා දෙන්නේ.. කියා දෙන්නට මට කොහොම ද... වදුරට බිමින් යන්න උ*පදෙස් දෙන්නේ.. කියා දෙන්න මට කොහොම ද.. මෙයාට ලොවේ ඇත්ත පහදා දෙන්නේ... ඔන්න ඉදා අරක්කු බීපන්... කන්නේ නැත්නම් නොකා ඉදපන් බොන්නේ නැත්නම්...
  9. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ගල් පොල් අතිවිශේෂ කොයි වර්ගයෙන් හරි එහෙම නැත්නම් ඉතිං සුරුට්ටු බීඩී කංසා දුමෙන් ඊටත් වැඩියෙන් ටිකක් වැඩි හෙරොයින් වැනි දේ වලින් ඇයිද දරුවනි හොයන්නේ මං මනෝ කදු නගින්නට? අමුතුම ආතල් එකක් ඇතිබව පාරිභෝගිකයෝ කියති ඒත් අළු වෙන්නේ මත් වෙන්නේ රැස් විහිදිය හැකි ආත්ම නොවෙද ඔය?
  10. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    සාරසංකෙයිය කල්ප ලක්ෂයක් භවයන් ඔහු පෙරුම් පිරූ බව සත්තමයි ඒ තරමට මමත් ඔහු වෙනුවෙන් පෙරුම් පිරූ බවද සත්තයි.... රාහුල උපන්නේ දින ඔහු මා හැර යන මොහොතේ මා ගැඹුරු නින්දේ තතු නොම දත්තෝ කියති.., කල්පයක් හැම බවයේම ආ ඔහු පා හඩ මට නොඇසේද මා ඔහුගේම යසෝදරාවයි දැනුනි ඔහු යන බව මගේ කදුළු බිදු ඔහු...
  11. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    නූතන මරගනන් මැද මාර සේනා මැද නාළාගිරි මතැතුන් මැද චිංචිමානවිකාවියන් මැද දේවදත්තයන් මැද ඔව් අපි කල්පනාවෙන් පාරමී පුරන්නෙමු හැකිනම් අපිට ඔය ඉබාගාතේ යන බේබදු චින්තකයා වෙනුවෙන් නිබ්බුත පද කියන්නට .......
  12. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    අපිට ඕනේ අපේ රටක් සමනළී,සෙල්ලම්මා,සහරා එක්ක අත්වැල් අල්ල*ගෙන කොළඹින් කෝච්චියේ නැගලා නුවරින් - අ'පුරින් නල්ලූර් කොවිලත් වැදගෙන එන ගමන් කතරගමත් ගිහින් රාමසාන් හද බලලා වටලප්පන් රස බලන ගමන් කොච්චිකඩේ පල්ලියත් වැදගෙන එන්න මුරකාවල් නැති අපේ රටක් රණවිරු අයියේ යාපනේ දෙමළ අයියලට කියන්න...
  13. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    මම යසෝදරා පරපුරේ තවත් එක් පුරුකක් අභිනික්මන් (නො)කරන මගේ සිදුහත් එක්ක තවමත් පාරමී පුරන..
  14. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    මුළු තුන් ලෝකයටම කරුණාවේ සුව සදන ගෞතම නූඹට නොවෙයි මම පෙම් කලේ මගේ ලග මා එක්ක උන්නු මගේ සිදුහත්ට... ඉතිං අවැසිනම් යන්න නිවනට කම් නෑ මට මගේ සිදුහත් මා හැර දමා ගොස් බෝ කලක් දැන් ඒත් තාමත් මගේ හිත ඇතුලේ මං එක්ක මං ළගම ආදරෙන් සිදුහත් ඡීවමානයි
  15. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ඇති මට ඒ වචන ටික*ම නුඹ පෙන්වන නිවනටත් වඩා සැනසීමයි මට ඒක... හ්ම් මම නිකම්ම නිකම් යසෝදරා... නුඹ............
  16. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    හිතාදර මළණුවනි නන්ද පිං අත්වෙයි නූඹට මොහොතකට බිදී ගිය වෘතය රකින්නට දුන් ඔවදනට ඒ වෙයි එසේමම.. නුඹ පතනා ලෙසට ඉදං අද හෙටම නුඹ යයි ජනපද කළණියද හැර ඇයද එක්වනු ඇතිය.. මා මෙන්ම මේ පෙරුම් *පුරන්නට පතන්නා වු බෝධියකින් නිවන් දකින්නට...
  17. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    දනිමි මම පාරමී පිරුවෙමි මමත් හැමදාම මේ මොහොත වන තුරුම ගැහැණියක් මමත් මොහොතකට සසළ විය ම'හද නුඹ නැවත දකින විට කිඹුල්වත් නුවර භව දුක නිවන ගමනින් නුඹ ගිය ගමන හැරපියා ම'පුත හා මා ඉවසමි ඉදිං මම කසා වත් දැරුවෙමි නුඹ මෙන්නම අත්තකිලමතානු පිරුවෙමි මේ මැදුර තුළ හිද අනේ දැන්වත් දෙන්න මෙහෙණි වන්නට...
  18. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    wow ...what a nice reply..! excellent! :yes:
  19. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    සිදුහත් අරන් යන්න මාව ඉක්මනට නිවනටත් එහා ඉමකට බයයි මම මේ ලෝකයට ගතු කියනවා උන් අපිට....
  20. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ආත්ම ගාණක් නුඹ පාපරිචාරිකා වුවාට දුන් අවසන් උපහාරය ි හරි අපූරුයි...ස්තූතියි

    No contents