අපිට ඕනේ අපේ රටක්
සමනළී,සෙල්ලම්මා,සහරා
එක්ක අත්වැල්
අල්ල*ගෙන
කොළඹින් කෝච්චියේ නැගලා
නුවරින් - අ'පුරින්
නල්ලූර් කොවිලත් වැදගෙන
එන ගමන්
කතරගමත් ගිහින්
රාමසාන් හද බලලා
වටලප්පන් රස බලන ගමන්
කොච්චිකඩේ පල්ලියත් වැදගෙන
එන්න
මුරකාවල් නැති අපේ රටක්
රණවිරු අයියේ යාපනේ
දෙමළ අයියලට කියන්න...