සිහින පොදි බැඳ තියා තබනෙමි
හදෙහි කෙලවර ඈ නමින්
නෙතින් නොදුටුව හිතේ ඇඳි රුව
එනතුරා හද ශෝකයෙන්
පමාවී ආවද වසන්තය
අගය නැත එහි අඩු උනේ
ඉතින් ඉවසා බලාහිඳිනෙමි
නෙතට නෙත යාවන දිනේ
රැඳී තිබුනද මහද ඈ රුව
නමුදු මා ගැන ඈ නොදන්නේ
වරම් ඇත්නම් ඔබේ හද තුල
සිත්තමක් වෙයි රුව මගේ