ස්නේහයෙන් පුදන්නට අවසරද මට
ස්නේහයෙන් පුදන්නට අවසරද මට ඔබව
දිලෙන්නට අවැසි වුව,
සඳක් නොව මා ගගන,.
නුඹේ සිත පුරාවට
සිසිල දෙමි ගඟක් ලෙස,
පා නගන ඔබෙ පසෙක
පිය මනිමි මා මිතුර,
පැකිලෙනා විටදි පය
වාරු වෙමි ඔබේ ලඟ,.
සෙවනැල්ල වී හිඳිමි,
අඳුර රජයන රැයක.
සිතුවිල්ල වී රැඳෙමි
කවක් නැති සිතක් ලඟ...