1. wijendra

    දෙවියනේ~ඇයි~මේ?

    මිගාරට ජයවේවා!!
  2. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    සීලබ්බත පරාමාස මෙහෙමනේ‍.. මග හරියට නොදන්නවා වුනාම.. යන පාර විස්වාස නැති වුනාම සමහරු හිතෙන හිතෙන පාරවල් වල යනවා. ඉබාගාතෙ යනවා. ගිහින් වල්මත් වෙනවා. ඔයා නිවන කරා යන මාර්ගය හරියට දන්නෙ නැත්තන්.. ඒක අවබෝධ කරගෙන නැත්තම් මේ වගේ වැඩ කරනවා. මේක විචිකිච්චාවෙ ප්රතිඵලයක් තමයි. ඒකාලෙ භාරතයෙ නිවන...
  3. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    විචිකිච්චා සැකය පිළිබද කරුණු 8ක් තියෙනවා. මේක බුද්ධාදී අටතැන්හි සැකය කියලා උගන්නනවා. 1) බුදුන් වහන්සේ පිළිබද සැකය 2) ධර්මය පිළිබද සැකය 3) සංඝයා පිළිබද සැකය 4) ශික්ෂාපද පිළිබද සැකය 5) අතීත භවය පිළිබද සැකය 6) අනාගත භවය පිළිබද සැකය 7) අතීත අනාගත භව දෙකම පිළිබද සැකය 8) හේතු ඵල දහම් පිළිබද සැකය...
  4. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම්.. මේ කරුණු වලින් මුල් පහ ඕරම්භාගිය සංයෝජන විදියට හදුන්වනවා. ඒකට හේතුව දිව්‍ය මනුශ්‍ය සතර අපාය කියන භව වල සත්ත්වයාව බැදතබන්නේ මෙම සංයෝජන නිසා. ඉතිරි පහ උද්දම්භාගිය. රූප අරූප බ්රහ්ම ලෝක වල උපදින්න හේතුවෙන්නේ මේවා.. අපි මේවායින් මුල් කරුණ මුලින්ම බලමු. සක්කාය දිට්ඨි...
  5. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මේ ගැන කියද්දි ඉස්සෙල්ලාම කියන්න වෙන්නෙ දස සංයෝජන ගැන.. අපිව මේ අනන්ත සංසාරෙට බැද දමාගෙන ඉන්න බැමි තමයි මේවා.. 1)සක්කාය දිට්ඨි - මමය මගේය හැගීම 2)විචිකිච්චා - බුදුන් දහම් සගුන් ඇතුළු කරුණු 8 පිළිබද සැකය 3)සීලබ්බත පරාමාස - විවිධ වෘතයන්ට පෙළඹීම හා වහල්වීම 4)කාමරාග - පස්කම් සැප පිළිබද ඇල්ම...
  6. wijendra

    Kissing tips

    :shocked::shocked::):):yes::yes::yes::yes:
  7. wijendra

    menna mehemai diwa daanne

    menna magenuth diwa dameemak!!!
  8. wijendra

    GTR mokada kiyanne...

    owu eka hondai.. habai issaraha logo eka tawa podi wenna one... ona ayage color ekai size ekai salliy list ekak ekatu karala ita passe print order eka dunna nam katath padu na. loku ayyatath!!
  9. wijendra

    T shirts Walata Me colours kohomada ?

    Black ekai meroon color ekai good. lion logo eka tawa podi wenna one. athe tiyena text eka ayn karamu.
  10. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    නෑ... ඒකත් දෙකක්... කලින් වගේමයි.. පාපය සසර දුකට පමුණුවනවා. අපාය ගාමී වෙන්න සසර දුක් සහගත වෙන්න හේතුවෙන්නෙ පවු. නිර්වාන ගාමී නොවෙන දේ අකුසල්. වන රෝපණය, ලිං පොකුණු තැනීම, මහජන සුබසිද්ධිය සදහා වැඩකිරීම පින් වලට උදාහරණ. දස කුසල් සහ දස පුන්‍යක්රියා කියන්නෙ දෙකක්. ඒවා බලන්න. මේක වඩා පැහැදිලි වෙයි.
  11. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    කුසල් හා පින් අතර වෙනස යමෙක් පින් කලේද එය නැවත නැවත කළ යුතුය. පින් ‍රැස් කිරීම සැපයට හේතු වේ. සත්වයාට පරලොව‍දී පිහිට වන දේ පින්. ඒවා සසර සැපතට හේතු වෙනවා. පින් පුද්ගලයකුට මරණින් පසු සුගතියට යන්න උපකාරී වෙනවා. කුසල් කියන්නේ නිවන කරා පමුනුවන යහපත් ක්රියා. කුසලය ඉවහල් වෙන්නේ සසර සැපතට...
  12. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    පැහැදිලිවම පින සහ කුසල් , පව සහ අකුසල්කියන්නේ දෙකක්. හාමුදුරුවෝ පිළිතුරක් දෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්.
  13. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    නෑ.. කෙනෙක් හිතනවා මෙහෙම. මගේ හිත එක තැනක තියෙන්නෙ නෑ.. නිතරම අරගැනමයි හිතෙන්නෙ මොන කරුමයක්ද මන්ද කියලා. ඒත් ඒක කරුමය නෙවෙයි. ඒක චිත්ත නියාමය. සිතේ හැටි එහෙමයි. ඒ වගේ සිතේ ස්වභාවය නිසා සිදුවෙන දේවල් තමයි චිත්ත නියාමය. යම් දේකට තමන්ට තරහවක් එනවා. ඒක චිත්ත නියාමය. සිතේ ස්වභාවය.
  14. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    බීජනියාමය කියන්නේ ජීව විද්‍යාත්මක නියාම ධර්මය. මවුපියන්ගෙ ජානමය ලක්ෂන දරුවන්ට ලැබෙනවනෙ. එහෙම ලැබෙන්නෙ බීජ නියාමය නිසා. උදාහරණයක් විදියට පාරම්පරික රෝග දරුවටත් ලැබෙනවා. ඒ වගේම දෙමව්පියෝ කළු සමක් තියෙන අයනම් දරුවත් ඒ විදියයි. ශාක පැත්තෙන් ගත්තොත් අඹ ඇටයකින් හට ගන්නේ අඹ පැලයක් මිසක් කොස් පැලයක්...
  15. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    අපේ ඇස කන නාසය දිව ශරීරය එක එක අරමුණු වල ගැටුනාම (රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ) සිත් කෝටි ගානක් ඇතිවෙනවා. මෙහෙම කාගෙවත් මෙහෙයවීමක් නැතිව සිත් ඇතිවීම තමයි චිත්ත නියාමය. අපේ ශරීරය මුළුමනින්ම වගේ ක්රියාත්මක වෙන්නෙ සිතේ බලයෙන්. සිතක් පහල වෙන කාලයට කියන්නේ ක්ෂණයක් කියලා. එච්චර ඉක්මනින් සිත් ඇතිවෙලා...
  16. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    පංච නියාම ධර්ම උතු නියාමය - දේශගුණික සාධක වල බලපෑමෙන් සිදුවන දෑ (භෞතික නියාමය) බීජ නියාමය - මවු පිය ලක්ෂන දරුවන්ට ලැබීම (ජීව විද්‍යාත්මක නියාමය) චිත්ත නියාමය‍ - සිතේ ස්වභාවය මනසේ ක්රියාකාරීත්වය අනුව සිදුවන දෑ ධම්ම නියාමය - හේතුළුල ධර්මතාවය කම්ම නියාමය - කුසල අකුසල ක්රියා විපාක අනුව සිදුවන දේ
  17. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    රහතන් වහන්සේලා නෙවෙයි පොදුවේ භික්ෂුන් දෙපිරිසක් ඉන්නවා. ධර්මධර, විනයධර.. ජනතාව සමග ගොඩක් වෙලාවට වැඩකරන්නේ ධර්මධර තෙරවරු. සැරියුත් හාමුදුරුවො ආනන්ද හාමුදුරුවො වගේ. ඒත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ ඇතැම් රහත් තෙරවරු වනගත වෙලා ආරණ්‍යවාසීව ඉදලා තියෙනවා මහජනයාගෙන් ඈත් වෙලා.
  18. wijendra

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    නැගණිය, බෞද්ධ ශ්රාවකයෙකු වූදා පටන් මම සත්ව හින්සාවෙන් වැලකුනෙමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබේ දරු ගැබ නිරෝගී වේවා!! අදටත් අම්මලාට කියන අංගුලිමාල පිරිත බුදුන් දවස අංගුලිමාල තෙරුන් කරපු සත්‍යක්රියාවක්..

    No contents